නේපාල ක්‍රිකට් නායකයා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

Date:

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක හා විශිෂ්ඨ දග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලැමිච්හානේ (Sandeep Lamichhane) අත්අඩංගුවට ගන්නා ලෙසට එරට අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, 22 හැවිරිදි ඔහුට එරෙහිව එල්ල වී ඇති බාලවයස්කාර දැරියක් අතවරයට ලක් කළ බවට වන චෝදනාව හේතුවෙන්.

කත්මන්ඩු නුවර 17 හැවිරිදි දැරියක් විසින් මේ සම්බන්ධයෙන් පොලීසිය වෙත සිදු කළ පැමිණිල්ලකට අනුවයි අදාළ වරෙන්තුව නිකුත් කර ඇත්තේ.

ඇය සදහන් කර ඇත්තේ අගෝස්තු 21 වැනිදා ඔහු විසින් තමාව හෝටලයකදී දෙවරක් අතවරයට ලක් කල බවයි.

අතවරයට ලක් වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණ සදහා ද යොමු කර තිබුණා.

සන්දීප් ලැමිච්හානේ මේ වන විට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින්නේ Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කරමින්.

මේ අතර, ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් ද පැනවීමට නේපාල ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...