ඇලෙක්ස් හේල්ස් 20යි 20 ලෝක කුසලානයට නම් කෙරේ

Date:

එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ඇලෙක්ස් හේල්ස් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතයට නම් කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් වෙනුවටයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම මෙම මාසයේ දී 20යි 20 තරග 7 ක් ක්‍රීඩා කිරීම සදහා පාකිස්තාන තරග සංචාරයක ද නිරත වීමට නියමිතව ඇති අතර, එම සංචාරය සදහා ද ඇලෙක්ස් හේල්ස් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වන විට 33 වන වියේ පසුවන හේල්ස් අවසන් වරට එංගලන්ත කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 වසරේ මාර්තු මාසයේ දී යි.

ඔහු 2019 වසරේ දී ලෝක ශූරතාවය දිනූ එංගලන්ත කණ්ඩායමේ මූලික සංචිතයට ද නම් කර තිබූ නමුත්, ඔහුව ලෝක කුසලානයට නම් නොකිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පසුව තීරණය කළා.

අන්තරායකර ඖෂධ භාවිතා කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලින් ඇලෙක්ස් හේල්ස් අසමත් වීම හේතුවෙනුයි ඔහුව එංගලන්ත සංචිතවලින් ඉවත් කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...