“මමත් සමාව ඉල්ලුවා. එයත් ඉල්ලුවා ” රෂීඩ් සමග ඇති වූ මත ගැටුම දනුෂ්ක පහදයි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මේ වන විට ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

පාකිස්තානය හමුවේ ඉන්දියාව පසුගියදා පරාජයට පත් වීමත් සමග තරගාවලියේ ජය කුමන කණ්ඩායමට හිමිවේවිදැයි මේ වන විට ප්‍රේක්ෂකයින් තුළ පවතින්නේ දැඩි ප්‍රශ්නාර්ථයක්.

පිටියේ තරගකාරීත්වය අතරතුර උණුසුම් වචන හුවමාරු සිදු වන අයුරු ද අපට මෙවර තරගාවලියේ දැක ගන්නට ලැබුණා.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැති සුපිරි 4 වටයේ පළමු තරගයේ දී ධනුෂ්ක ගුණතිලක හා රෂීඩ් ඛාන් අතර එවැනි උණුසුම් වචන හුවමාරුවක් ඇති වූයේ තරගාවලියේ උණුසුම් බව තවත් ඉහළ නංවමින්.

එම තරගයේ දී එවැනි උණුසුම් වචන හුවමාරුවක් සිදු වූයේ කුමන හේතුවක් මත ද යන්න බොහෝ දෙනෙකුට ඇති වූ ප්‍රශ්නයක්.

ඊට පිළිතුර මේ වන විට ධනුෂ්ක ගුණතිලක විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

newswire වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේ වැරැදි අවබෝධයක් හේතුවෙන් එම උණුසුම් වචන හුවමාරුව සිදු වූ බවයි.

“මම හිතුවෙ එයා මට මොනව හරි කීව කියලා. ඉතිං මම ඇහුව මොනවද කීවෙ කියලා. එයා කීවා මට නෙවෙයි කීවෙ එයාලගෙම පන්දු රකින්නෙක්ට කියලා. ඉතිං මමත් ගිහිල්ලා එයාගෙන් සමාව ඉල්ලලා එයත් මගෙන් සමාව ඉල්ලලා එතනින් ඉවර වුණා.” යනුවෙන් ධනුෂ්ක ගුණතිලක සදහන් කළා.

එම ප්‍රකාශයේ දර්ශන පහතින් නරඹන්න – (අදාළ සිදුවීමෙහි දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...