මූඩි ඉවතට ; සන්රයිසස් පුහුණුකරු ධූරය ලාරාට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බ්‍රයන් ලාරා පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් පුහුණුකරු ලෙස කටයුතු කළ ටොම් මූඩි වෙනුවටයි.

මූඩි 2013 වසරේ සිට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළා.

2016 වසරේ දී සන්රයිසස් කණ්ඩායම අයි.පී.එල් ශූරතාවය ජය ගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි.

නව පුහුණුකරු ලෙස පත් කෙරුණු බ්‍රයන් ලාරා සන්රයිසස් කණ්ඩායම සමග පසුගිය තරග වාරයේ දී එක් වුණේ උපාය මාර්ගික උපදේශක හා පිතිකරණ පුහුණුකරු ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...