කඩුලු 3 කින් ඔස්ට්‍රේලියාව පරදා සිම්බාබ්වේ කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී සිය පළමු ජය වාර්තා කරයි

Date:

ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේ දී සිය පළමු ජාත්‍යන්තර තරග ජය වාර්තා කිරීමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3 ක ජයක් වාර්තා කරමින්.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත්තේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

ටවුන්ස්විල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණා.

පන්දුවාර 31 ක් අවසානයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 141 කට දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත් වුණේ සිය කණ්ඩායමට සුවිශේෂි ජයග්‍රහනයක් සදහා මග පාදමින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු 10 සීමාව පසු කළේ ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණයි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 19කට දැවී ගියා. හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පන්දු 96 කින් ලකුණු 94 ක් රැස් කළේ හයේ පහර 2ක් හා හතරේ පහර 14 ක් සමගින්.

සුපිරි පන්දු යැවීමක නිරත වූ රයන් බර්ල් පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 10 කට කඩුලු 5 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Tadiwanashe Marumani ලකුණු 35 කට දැවී ගිය අතර, නායක රෙජිස් චකබ්වා නොදැවී ලකුණු 37 ක් ලබා ගනිමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 30 කට කඩුලු 3 ක් දවා ගත්තා.

https://twitter.com/cric12222/status/1565951979436003328?s=19

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...