ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් සිව් දෙනෙකු තෝරා ගැනේ

Date:

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් (Legends League Cricket) තරගාවලියේ දෙවැනි අදියර සදහා එක්වන කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) ඊයේ (2) සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් සිය කණ්ඩායම් වෙත තෝරා ගැනීමට කටයුතු කළා.

ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා වියදම් කිරීමට එක් කණ්ඩායමක් වෙනුවෙන් නියම කර තිබූ මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 8 ක්.

මෙවර තරගාවලිය සදහා Manipal Tigers, Gujarat Giants, India Capitals හා Bhilwara Kings යන කණ්ඩායම් 4 ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය ඉන්දියාවේ කොල්කටා, දිල්ලි, කටක්, ලක්නව් හා ජෝධ්පූර් හී දී පැවැත්වීමට නියමිත බවයි තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ.

සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ වන තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 8 වැනිදායි.

තරගාවලිය සදහා එක් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා රොමේෂ් කලුවිතාරන Manipal Tigers සංචිතයට ඇතුළත්.

India Capitals කණ්ඩායම විසින් ෆර්විස් මහරුෆ් සිය සංචිතය සදහා තෝරා ගනු ලැබුවා.

අජන්ත මෙන්ඩිස් Gujarat Giants කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

සංචිත 4 –

llct20
llct20
llct20
llct20

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...