සිංගප්පූරු ක්‍රීඩකයා කැදවමින් ඔස්ට්‍රේලියාව T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන සිය සංචිතය සත්කාරක ඔස්ට්‍රේලියාව විසින් අද(1) නිවේදනය කළා.

ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ටිම් ඩේවිඩ් ද මෙම සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබීම විශේෂත්වයක්.

පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලානය ජය ගත් ඔස්ට්‍රේලියානු සංචිතය හා සැසදීමේ දී සංචිතයේ සිදුව ඇති එකම වෙනස්කම වන්නේ ටිම් ඩේවිඩ්ගේ පැමිණීමයි.

ඔහු සංචිතයට නම් කිරීම හේතුවෙන් සංචිතයේ ස්ථානය අහිමි වී ඇත්තේ පා දග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්වෙප්සන්ටයි.

සිංගප්පූරුවේ උපත ලද ටිම් ඩේවිඩ් මෙතෙක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

26 හැවිරිදි ඔහු මේ දක්වා 20යි 20 ජාත්‍යන්තර තරග 14 ක් ක්‍රීඩා කර ඇතත්, එම සියලු තරග ඔහු ක්‍රීඩා කර ඇත්තේ සිංගප්පූරුව වෙනුවෙනුයි.

සැප්තැම්බර් 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ද මෙම සංචිතයම එක් වෙනස්කමක් සහිතව නම් කර තිබෙනවා.

ඒ අනුව එම සංචාරයෙන් ඩේවිඩ් වෝනර් පමණක් විවේක ගන්වා ඇති අතර, ඔහු වෙනුවට කැමරන් ග්‍රීන් සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලානය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය:

Ashton Agar, Pat Cummins (vc), Tim David, Aaron Finch (c), Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...