කෝලි හා සූර්යකුමාර්ගේ ප්‍රහාරය ඉන්දියාව සුපිරි 4 ට ගෙන යයි

Date:

විරාට් කෝලිගේ හා සූර්යකුමාර් යාදව්ගේ විශිෂ්ඨ පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් හොං කොං කණ්ඩායම පරදා ලකුණු 40 ක ජයක් වාර්තා කරමින් සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(31) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ හොං කොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්.

රෝහිට් ෂර්මා ලකුණු 21 කට දැවී ගිය අතර, කේ.එල් රාහුල් ලකුණු 36 යි.

අනතුරුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 42 කින් ලකුණු 98 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් ඉන්දීය ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට විරාට් කෝලි හා සූර්යකුමාර් යාදව් සමත් වුණා.

කෝලි පන්දු 44 කින් නොදැවී ලකුණු 59 යි. හයේ පහර 3 ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

සූර්යකුමාර් පන්දු 26 ක් පමණක් වැය කරමින් ලකුණු 68 ක් නොදැවී ලබා ගත්තා. හයේ පහර 6කින් හා හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු යැවීමේ දී Ayush Shukla හා Mohammad Ghazanfar කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.

Babar Hayat ලකුණු 41 ක් ද, Kinchit Shah ලකුණු 30 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර්, අර්ෂ්දීප් සිං, රවීන්ද්‍ර ජඩේජා හා අවේශ් ඛාන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...