දකුණු අප්‍රිකා නවතම 20යි 20 ලීගයේ නිල නාමය නිවේදනය කෙරේ

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය ‘SA20’ (‘එස් ඒ ට්වෙන්ටි’) ලෙස නම් කර තිබෙනවා.

තරගාවලියේ පළමු අදියර ලබන ජනවාරි හා පෙබරවාරි මාසවලදී පැවැත්වීමට නියමිතයි.

සෑම කණ්ඩායමකටම අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගැනීමට අවස්ථාව හිමි වනවා.

ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වෙන බව ද අද(31) නිල වශයෙන් නිවේදනය කෙරුණා.

කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කරන මෙම තරගාවලිය යටතේ තරග 33 ක් පැවැත්වීමට නියමිත අතර, අවසන් වටය යටතේ අවසන් මහා තරගය ද ඇතුළුව පැවැත්වෙන තරග සංඛ්‍යාව 3ක්.

අදාළ කණ්ඩායම් හයේම හිමිකාරීත්වය දරනු ලබන්නේ අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකරුවන් විසින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...