පාකිස්තාන ක්‍රිකට් ආයතනය අඩියක් පස්සට ගයි

Date:

පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධාන කරන පාකිස්තාන කණිෂ්ඨ ලීග් (වයස අවුරුදු 19න් පහළ) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් හයේ නම් හා එම කණ්ඩායම්වල උපදේශකවරුන්ගේ නම් එරට ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පළමු අදියරේ තරගාවලිය සදහා Bahawalpur, Gujranwala, Gwadar, Hyderabad, Mardan හා Rawalpindi යන කණ්ඩායම් එක් වන බවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම කණ්ඩායම්වල උපදේශකවරුන් ලෙස කටයුතු කරන්නේ පිළිවෙලින් ඉම්රාන් තහීර්, ෂොයිබ් මලික්, විවියන් රිචර්ඩ්ස්, ඩැරන් සැමී, ශහිඩ් අෆ්රිඩි හා කොලින් මන්රෝ.

තරගාවලියට තරග 19 ක් ඇතුළත් අතර, සියලු තරග ලාහෝර් හී දී ඔක්තෝබර් 5 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 18 කින් යොවුන් ක්‍රීඩකයින් 140 දෙනෙකු කැමැත්ත පල කර තිබෙනවා.

සැප්තැම්බර් 6 වැනිදා පැවැත්වෙන ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවේ දී අවුරුදු 15 ත් 19 ත් අතර වයස් සීමාවේ පසුවන ක්‍රීඩකයින් තරගාවලිය සදහා ඒ ඒ කණ්ඩායම් වෙත තෝරා ගනු ඇති.

මෙම තරගාවලිය ද ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලි මෙන් කණ්ඩායම්වල හිමිකාරීත්වය අලෙවි කර ෆ්‍රැන්චයිස් ආකෘතිය ඔස්සේ පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවුවද එය අත්හැරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනයට සිදුව තිබෙනවා.

ඒ, කණ්ඩායම් මිලදී ගනිමින් එහි හිමිකාරීත්වය ලබා ගැනීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබූ මූලික වටිනාකමට ආසන්නයෙන් හෝ ලංසු ඉදිරිපත් කිරීමට ලංසු තබන්නන් අසමත් වීම හේතුවෙන්.

ඒ අනුව තරගාවලියේ පළමු අදියර පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ හිමිකාරීත්වය යටතේ පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...