මාෂ් ඉතිරි එක්දින තරග පහෙන් ඉවතට

Date:

ඔස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක මිචෙල් මාෂ්ට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක හා නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු මේ වන විට වළලුකර ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් එලෙස එම තරගවලින් ඉවත් වීමට සිදුව ඇති බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලිය ටවුන්ස්විල් හී දී පැවැත්වෙන අතර, ආබාධය නිසා ඔහු යළි පර්ත් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇති බව සදහන්.

සැප්තැම්බර් 21 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

මිචෙල් මාෂ් වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ඉතිරි එක්දින තරග 5 සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...