ඇෆ්ඝනිස්තානයට වඩා බංග්ලාදේශය පහසුයි කියූ දසුන්ට මෙහෙදි හසාන්ගෙන් පිළිතුරු

Date:

ඇෆ්ඝනිස්තානය හා සසදමින් සිය කණ්ඩායම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක කළ ප්‍රකාශයට වචනයෙන් පිළිතුරු ලබා දීමට තමා සූදානම් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මෙහෙදි හසාන් පවසනවා.

ඒ වෙනුවට පිටියේ දී තම කණ්ඩාමේ දක්ෂතාවයන් ඔප්පු කිරීමට සූදානමින් සිටින බවයි ඔහු මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ.

පසුගියදා ඇෆ්ඝනිස්තානය සමග පැවැති තරගයෙන් කඩුලු 8ක දරුණු පරාජයක් ලැබීමෙන් පසුව දසුන් ශානක මාධ්‍ය හමුවේ කියා සිටියේ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම හා සසදා බැලීමේ දී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ආසියානු කුසලාන තරගාවලිය යටතේ පැවැත්වීමට නියමිතව ඇති මීළග තරගය පහසු තරගයක් ලෙස සැලකිය හැකි බවයි.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ඉතා ප්‍රබල මෙන්ම ලෝක මට්ටමේ බලඇණියක් වන නමුත්, බංග්ලාදේශ කණ්ඩායම සතුව එවැනි ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් නොමැති බව ශ්‍රී ලංකා නායකයා එහිදී පෙන්වා දුන්නා.

මුස්ටර්ෆිසුර් රහ්මාන් හා ශකිබ් අල් හසාන් වැනි ඉතා දක්ෂ හා ලෝක මට්ටමේ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු වන නමුත්, ඔවුන් හැර වෙනත් ලෝක මට්ටමේ පන්දු යවන්නන් බංග්ලාදේශය සතු නොවන බවයි දසුන් ශානක කියා සිටියේ.

“මේ කණ්ඩායම හොඳයි, මේ කණ්ඩායම නරකයි කියලා අදහස් දක්වන්න මට අවශ්‍ය නැහැ” යනුවෙන් මෙහෙදි හසාන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

“මම හිතන්නේ ක්‍රීඩාංගනයේ දී හොඳ නරක ඔප්පු වෙනවා. එදා දවසේ් දී නරක ලෙස ක්‍රීඩා කළහොත් හොඳ කණ්ඩායමක් පරාජය විය හැකියි. ඒ වගේම නරක කණ්ඩායමක් හොඳට ක්‍රීඩා කළොත් දිනන්න පුළුවන්.”

“අපි ක්‍රීඩාංගනයේ දී හමුවෙමු, එදා දවස අවසානයේදී හොඳ කණ්ඩායම තරගය දිනාවි. මට හැඟෙන දේ තමයි අපි හොඳින් ක්‍රීඩා කළොත් හොඳ කණ්ඩායම කවුද නරක කණ්ඩායම කවුද කියලා අනිවාර්යයෙන්ම හැමෝම දැනගන්නවා. ඒ නිසා කළින් අනාවැකි පල කිරීමට වඩා ක්‍රීඩාංගනයේ දී හොඳින් ක්‍රීඩා කිරීම වැදගත් කියලා තමයි මම හිතන්නෙ”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...