Watch : 6IXTY තරගාවලියේ දී ප්‍රසන්න පිට පිට එල්ල කළ දැවැන්ත හයේ පහර 3

Date:

කැරබියන් දූපත් හී දී පැවැත්වෙන නවතම පන්දුවාර 10 තරගාවලියක් වන THE 6IXTY තරගාවලියේ 09 වන තරගය නිමාව දුටුවේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ලකුණු 3 ක තියුණු ජයග්‍රහණයක් හිමිකරදෙමින්.

එම ජයත් සමග මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට ද නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමේ ආරාධනය මත ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 05 ක් දැවී ලකුණු 155 ක් රැස්කර ගැනීමට සමත්වුණා.

වේගවත් ඉනිමක් දියත් කළ ඇන්ඩ්‍රේ රසල් පන්දු 24 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 72 ක්.

පන්දු පහකට පමණක් මුහුණ දුන් සීක්කුගේ ප්‍රසන්න හයේ පහරවල් 3 ක් සමගින් ලකුණු 19 ක් රැස් කිරීමට සමත්වුණා.

ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දු 3 තුළදී එම හයේ පහරවල් 3 එල්ල කිරීම ද විශේෂත්වයක්.

ලකුණු 156 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 තුළ රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 4 ක් දැවී ලකුණු 152 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...