සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(28) සමත් වුණා.
ටවුන්ස්විල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.
Wessly Madhevere ලකුණු 72 ක් රැස් කළ අතර, Tadiwanashe Marumani ලකුණු 45 යි. නායක රෙජිස් චකබ්වා ලකුණු 31 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් ලකුණු 33 කට කඩුලු 5 ක් දවා ගත්තා. ඇඩම් සම්පා ලකුණු 57 කට බිද හෙලූ කඩුලු ගණන 3 ක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 33.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඩේවිඩ් වෝනර් ලකුණු 57 කට දැවී ගිය අතර, ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 32ක් රැස් කළේ පන්දු 9 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3 ක් සමගින්.
පන්දු යැවීමේ දී Ryan Burl ලකුණු 60 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

