පාකිස්තානය පරදා ඉන්දියාවට කඩුලු 5ක ජයක්

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(28) සමත් වුණා.

ඩුබායි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිට් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 147 ක්.

නායක බාබර් අසාම් හා ෆකාර් සමාන් ලකුණු 10 බැගින් රැස් කළා. ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 28යි. මොහමඩ් රිස්වාන් ලකුණු 43 කට දැවී යාමත් සමග විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ පාකිස්තාන බලාපොරොත්තු බිද වැටුණා.

කෙසේ වෙතත්, ෂඩාබ් ඛාන් ලකුණු 10 ක් ද, හැරිස් රවුෆ් නොදැවී ලකුණු 13 ක් ද, ශහ්නවාස් දහානි පන්දු 6 කින් හයේ පහර 2ක් සමගින් ලකුණු 16(6) ක් ද රැස් කරමින් පාකිස්තානය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 26 කට කඩුලු 4ක් බිද හෙලූ අතර, හර්ඩික් පාන්ඩ්යා ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

කේ.එල් රාහුල් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, රෝහිට් ෂර්මා ලකුණු 12 කටත්, විරාට් කෝලි ලකුණු 35 කටත් දැවී ගියා. සූර්යකුමාර් යාදව් ලකුණු 18යි.

අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි රවීන්ද්‍ර ජඩේජා පන්දු 29 කින් ලකුණු 35 ක් රැස් කළා. හර්දික් පාන්ඩ්යා පන්දු 17කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 33ක්.

පාන්ඩ්යා හා ජඩේජා අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 52 (29) ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී මොහමඩ් නවාස් කඩුලු 3 ක් හා නසීම් ශාහ් කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...