ඔස්ට්‍රේලියාවට කඩුලු 5 ක ජයක්

Date:

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(28) සමත් වුණා.

ටවුන්ස්විල් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 47.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200 ක් පමණයි.

Wessly Madhevere ලකුණු 72 ක් රැස් කළ අතර, Tadiwanashe Marumani ලකුණු 45 යි. නායක රෙජිස් චකබ්වා ලකුණු 31 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කැමරන් ග්‍රීන් ලකුණු 33 කට කඩුලු 5 ක් දවා ගත්තා. ඇඩම් සම්පා ලකුණු 57 කට බිද හෙලූ කඩුලු ගණන 3 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 33.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඩේවිඩ් වෝනර් ලකුණු 57 කට දැවී ගිය අතර, ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 48 ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 32ක් රැස් කළේ පන්දු 9 කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 3 ක් සමගින්.

පන්දු යැවීමේ දී Ryan Burl ලකුණු 60 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...