දකුණු අප්රිකානු පිතිකරු රසී වැන් ඩර් ඩුසේන්ට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඒ, ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.
මැන්චෙස්ටර්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී පන්දු රකිමින් සිටියදී යි ඔහු එම ආබාධයට ලක්ව තිබුණේ.
වැන් ඩර් ඩුසේන් වෙනුවට තෙවැනි ටෙස්ට් තරගය සදහා වන දකුණු අප්රිකා සංචිතයට තුන් ඉරියව් ක්රීඩක වියාන් මෝල්ඩර් ආදේශ කිරීමට දකුණු අප්රිකා තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර, අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ලන්ඩන් නුවර Kia Oval ක්රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
South Africa Test squad:
Dean Elgar, Sarel Erwee, Marco Jansen, Simon Harmer, Keshav Maharaj, Aiden Markram, Wiaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Keegan Petersen, Kagiso Rabada, Ryan Rickelton, Lutho Sipamla, Kyle Verreynne, Khaya Zondo, Glenton Stuurman

