2024 වසරේ සිට 2027 වසර දක්වා අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමි කර ගැනීමට Disney Star (Star Sports) සමාගම සමත්ව තිබෙනවා.
ඒ අනුව 2027 වසර දක්වා පැවැත්වෙන පිරිමි හා කාන්තා යන දෙඅංශයේම අයි.සී.සී තරගාවලියන්හි රූපවාහිනී හා ඩිජිටල් විකාශන අයිතිය Disney Star සමාගම සතුවන බවයි ජගත් ක්රිකට් කවුන්සලය (අයි.සී.සී) නිවේදනය කළේ.
පසුගිය සිකුරාදා දිනයේ දී විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී තිබූ අතර, එහිදී ජයග්රහනය කළ සමාගමේ නම අයි.සී.සීය ඊයේ(27) රාත්රියේ දී නිවේදනය කළා.
Disney Star සමාගම විසින් ඉදිරිපත් කර තිබූ ලංසු මුදල සම්බන්ධයෙන් ජගත් ක්රිකට් කවුන්සලය අනාවරණය කිරීමක් සිදු කර නැහැ.
කෙසේ වෙතත්, එය අමෙරිකානු ඩොලර් බිලියන 1.44 කට අධික වටිනාකමක් වන බව සදහන්.
Viacom 18, Sony Sports හා Zee Network යන සමාගම් ද විකාශන අයිතිය ලබා ගැනීම සදහා ලංසු ඉදිරිපත් කර තිබුණා.
මේ වන විට ද අයි.සී.සී තරගාවලියන්හි ඉන්දීය කලාපයේ විකාශන අයිතිය හිමිව ඇත්තේ Disney Star සමාගමටයි.

