අනිල් කුම්බ්ලේ පංජාබ් කණ්ඩායමෙන් ඉවත් කිරීමට ප්‍රීටි සින්ටාගෙන් තීරණයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලේගේ ගිවිසුම් කාලය දීර්ඝ නොකිරීමට එම කණ්ඩායමේ හිමිකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

බොලිවුඩ් නිලි ප්‍රීටි සින්ටා, Mohit Burman, Ness Wadia හා Karan Paul මෙන්ම කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරී Satish Menon විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව 2020 වසරේ දී පංජාබ් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එක් වූ අනිල් කුම්බ්ලේ වෙනුවට පත් කරන නව පුහුණුකරු ඉදිරියේ දී එම කණ්ඩායම විසින් නිවේදනය කිරීමට නියමිතයි.

2020 හා 2021 වසරවලදී කණ්ඩායම් 8ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියන්හී දී පංජාබ් කිංග්ස් කණ්ඩායමට 5 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

2022 වසරේ පැවැති කණ්ඩායම් 10ක් ක්‍රීඩා කළ අයි.පී.එල් තරගාවලියේ දී ඔවුන්ට හිමි වූයේ 6 වැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...