ආසියානු කුසලානයේ දේශීය රූපවාහිනී විකාශනයේ අර්බුදය

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය තම ආයතනය විසින් හිමි කර ගෙන ඇති බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මේ වන විට තහවුරු කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරග විකාශය සිදු කරනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවය (ITN නාලිකාව) අයත් මාධ්‍ය ජාලය සතු වසන්තම් TV නාලිකාව ඔස්සේ බවයි එම මාධ්‍ය ජාලය විසින් මේ වන විට නිවේදනය කර ඇත්තේ.

ඊට මෙරට ප්‍රේක්ෂකයින්ගෙන් මේ වන විට එතරම් සුබවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බවක් නම් දක්නට ලැබෙන්නේ නැහැ.

වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපය එතරම් පුළුල් නොවීම ඊට හේතුවයි.

කෙසේ වෙතත්, වසන්තම් TV නාලිකාවේ ආවරණ කලාපය පුළුල් කිරීමට මේ වන විට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වුණා.

ආසියානු කුසලාන තරගාවලිය එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය එදින පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතරයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...