ඉන්දීය කණ්ඩායමේ වැඩ බලන්න වීවීඑස් පත් කරයි

Date:

එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස වීවීඑස් ලක්ෂ්මන් තාවකාලිකව පත් කර තිබෙනවා.

ඒ, නිත්‍ය ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බැවින්.

ඔහු සම්පූර්ණයෙන් සුවය ලැබූ පසු ඉන්දීය කණ්ඩායම සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී එක් වීමට නියමිතව තිබෙනවා.

බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානී ලෙස කටයුතු කරන වීවීඑස් ලක්ෂ්මන්, ඉන්දීය කණ්ඩායම මෑතකදී සිදු කළ අයර්ලන්ත හා සිම්බාබ්වේ තරග සංචාරවලදී ඉන්දීය කණ්ඩායමේ පුහුණකරු ලෙස කටයුතු කළා.

එම තරග සංචාර සදහා ප්‍රධාන ඉන්දීය ක්‍රීඩකයින් රැසක් එක් නොවූ (දෙවන පෙළ කණ්ඩායමක්) අතර, ප්‍රධාන ඉන්දීය ක්‍රීඩකයින්ගෙන් සමන්විත ප්‍රබල ඉන්දීය කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට ඔහුට ලද පළමු අවස්ථාව මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...