හොංකොං කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

Date:

එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට හොංකොං කණ්ඩායම සමත් වුණා.

ඒ, ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ඕමානයේ පැවැති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගනිමින්.

ඔවුන් ක්‍රීඩා කළ තරග තුනම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් හිමි කර ගත් අතර, කුවේට් කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් සමගින් දෙවැනි ස්ථානයත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රසාද ලකුණු 2 ක් සමගින් තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

ක්‍රීඩා කළ තරග තුනම පරාජයට පත් වූ සිංගප්පූරුවට හිමි වූයේ සිව්වැනි හා අවසන් ස්ථානයයි.

තරගාවලියේ තීරණාත්මක 6 වැනි හා අවසන් තරගය ඊයේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා හොංකොං කණ්ඩායම් අතර පැවැත්වුණා.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමගයි හොංකොං කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගත්තේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායම පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...