බංග්ලාදේශය පුහුණුකරුවන් ගැන තීරණයක් ගනියි

Date:

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය තරග රටා අනුව වෙන් වෙන්ව පවත්වා ගෙන යාමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ප්‍රධාන පුහුණුකරු ලෙස තරග රටා ත්‍රිත්වයේම කටයුතු කළ රසල් ඩොමින්ගෝ බංග්ලාදේශ එක්දින හා ටෙස්ට් කණ්ඩායම්වල පුහුණුකරු ලෙස ඉදිරියේ දී කටයුතු කිරීමට නියමිතයි.

පසුගියදා බංග්ලාදේශ කණ්ඩායමේ තාක්ෂණික උපදේශක ලෙස පත් කෙරුණු ඉන්දියාවේ Sridharan Sriram 20යි 20 කණ්ඩායමේ සැලසුම් සකස් කිරීම සිදු කරනු ඇති.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් හා පුහුණුකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් පසුව සභාපතිවරයා මේ බව නිල වශයෙන් නිවේදනය කළා.

“ආසියානු කුසලානයේ දී ප්‍රධාන පුහුණුකරුවෙක් නැහැ. අපිට පිතිකරණ පුහුණුකරුවෙකු, පන්දු රැකීමේ පුහුණුකරුවෙකු, දඟ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු, වේග පන්දු පුහුණුකරුවෙකු ඉන්නවා. අපිට නායකයෙකුත් ඉන්නවා. ඒ එක්කම අපිට තරග සැලසුම් සකස් කරන තාක්ෂණික උපදේශකයෙකුත් ඉන්නවා. එතකොට ප්‍රධාන පුහුණුකරු මොනවා කරන්න ද? ඉතින් එයාට කරන්න කිසිම දෙයක් නැහැ” යනුවෙන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...