ආසියානු කුසලානය අභියස ඉන්දීය පුහුණුකරුට කොරෝනා

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ආසියානු කුසලානය වෙනුවෙන් අද(23) දිනයේ දී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් ඩුබායි හී දී එක්වීමට නියමිතව ඇතත්, කොවිඩ් 19 ආසාදනය වීම නිසා රාහුල් ඩ්‍රාවිඩ්ට අද දිනයේ දී සෙසු ක්‍රීඩකයින් සමග ඩුබායි වෙත පිටත්ව යාමට හැකි වන්නේ නැහැ.

තවත් දින දෙකකින් ඔහු යළි කොවිඩ් 19 වෛද්‍ය පරීක්ෂාවකට මුහුණ දීමට නියමිතයි.

ඔහුගේ ශරීරිය තුළ කොවිඩ් 19 වෛරසය නොමැති බවට තහවුරු වූ වහාම රාහුල් ඩ්‍රාවිඩ් කණ්ඩායම සමග එක් වනු ඇති.

සිම්බාබ්වේ හී දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ වීවීඑස් ලක්ෂ්මන් ඉන්දීය කණ්ඩායම සමග සම්බන්ධ කරන්නේ ද යන්න සම්බන්ධයෙන්, රාහුල් ඩ්‍රාවිඩ්ට දින දෙකකින් සිදු කරන වෛද්‍ය පරීක්ෂාවෙන් පසුව තීරණය කිරීමට නියමිතයි.

එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලියේ දී ඉන්දියාව ක්‍රීඩා කරන පළමු තරගය පාකිස්තානයට එරෙහිව එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...