චමීර ආසියානු කුසලානයෙන් ඉවතට ; තිදෙනෙකු අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පුහුණුවීම් අතරතුරදී මුහුණ දුන් වම් පාදයේ ආබාධයක් හේතුවෙන්.

ආසියානු කුසලානය වෙනුවෙන් මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටි නමුත්, ආබාධය සුව අතට පත් නොවීම හේතුවෙන් ඔහුට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට එළඹෙන 27 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර  ආදේශ කිරීමටයි ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

මේ අතර, සංචිතයට නම් කර ඇති දිනේෂ් චන්දිමාල්, නුවනිදු ප්‍රනාන්දු හා නුවන් තුෂාර අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර ඇති බැවින් ඔවුන් තිදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එළඹෙන 24 වැනිදා දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...