ඉන්දියාව හමුවේ සිම්බාබ්වේ පිලට අවසන් මොහොතේ දී අමිහිරි පරාජයක්

Date:

සිකන්ඩ රාසාගේ සුපිරි සටන්කාමී ශතකය අපතේ යවමින් ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 13 ක තියුණු පරාජයක් අත්කර ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට අද(22) සිදු වුණා.

හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 290 ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ පිලට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 276 ක් පමණයි.

ෂෝන් විලියම්ස් ලකුණු 45 ක් රැස් කළා. සිම්බාබ්වේ කණ්ඩායමේ 7 වැනි කඩුල්ල බිද වැටුණේ ලකුණු 169 දී යි.

අනතුරුව 8 වැනි කඩුල්ල සදහා සිකන්ඩ රාසා හා බ්‍රැඩ් එවන්ස් පන්දු 77 කින් ලකුණු 104 ක සබදතාවයක් ගොඩ නැගුවා.

එවන්ස් ලකුණු 28(36)යි. සටන්කාමී ඉනිමක නිරත වූ සිකන්ඩ රාසා පන්දු 95 ක් වැය කරමින් ලකුණු 115 ක් ලබා ගත්තේ සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනයේ ආසන්නයටම රැගෙන යමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

කෙසේ වෙතත්, 49 වැනි පන්දුවාරයේ දී ඔහු දැවී යාමත් සමග ජයග්‍රහනයේ බලාපොරොත්තු සිම්බාබ්වේ කණ්ඩායමට ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී අවේශ් ඛාන් කඩුලු 3 ක් දවා ගත් අතර, දීපක් චහාර්, කුල්දීප් යාදව් හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 289 ක් ලබා ගත්තේ කඩුලු 8 ක් දැවී සිටියදීයි.

ෂුබ්මන් ගිල් ලකුණු 130(97) ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 15 ක් ද සමගින්. ඉෂාන් කිෂන් ලකුණු 50යි.

පන්දු යැවීමේ දී බ්‍රැඩ් එවන්ස් ලකුණු 54 කට කඩුලු 5ක් බිද හෙලුවා.

මෙම ජයත් සමග තරගාවලියේ ජය තරග 3-0 ක් ලෙස හිමි කර ගත්තේ ඉන්දීය කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...