ශහීන් අෆ්රිඩි වෙනුවට ආදේශක ක්‍රීඩකයා පාකිස්තානය නම් කරයි

Date:

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් හස්නයින් ආදේශ කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ශහීන් ශාහ් අෆ්රිඩි වෙනුවටයි.

ශහීන් ශාහ් මෙම ආබාධයට ලක් වුණේ ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

නවතම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසට එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක කමිටුව උපදෙස් ලබා දී තිබුණා.

ඔහු වෙනුවට සංචිතයට ආදේශ කළ 22 හැවිරිදි මොහමඩ් හස්නයින් මේ වන විට බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred තරගාවලියේ දී Oval Invincibles කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටිනවා.

පාකිස්තානය මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 28 වැනිදා ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Pakistan Squad:

Babar Azam (captain), Shadab Khan (vice-captain)Asif Ali, Fakhar Zaman, Haider Ali, Haris Rauf, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim Jnr, Naseem Shah, Shahnawaz Dahani and Usman Qadir.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...