ගාල්ලේ දී ආබාධයකට ලක් වූ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන්නා ආසියානු කුසලානයෙන් ඉවතට

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩිට එළඹෙන 27 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, දකුණු දණහිසේ ඇතිව තිබෙන ආබාධ තත්ත්වයෙන් ඔහුට මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලැබීමට නොහැකි වීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඔහුට ලබන මාසයේ දී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 7 කින් යුත් 20යි 20 තරගාවලිය ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ඒ අනුව ශහීන් අෆ්රිඩි ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සම්පූර්ණයෙන් සුවය ලැබීමේ අභියෝගයකට ද මේ වන විට මුහුණ දී සිටිනවා.

ඔහු මෙම ආබාධයට ලක් වුණේ ශ්‍රී ලංකාව සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

නවතම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුට සති 4ත් 6ත් අතර කාලයක් විවේක ගන්නා ලෙසටයි එරට ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය උපදේශක කමිටුව උපදෙස් ලබා දී ඇත්තේ.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ශහීන් අෆ්රිඩිට ඔක්තෝබර් මාසයේ දී නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...