ශ්‍රී ලංකාවට එරෙහි එංගලන්ත යොවුන් සංචිතය නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත යොවුන් සංචිතය නිවේදනය කර තිබෙනවා.

Ben McKinney ගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ලබන මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

England U19 squad :

  1. Ben McKinney (Durham – captain)
  2. Tom Aspinwall (Lancashire)
  3. George Bell (Lancashire)
  4. Tommy Boorman (Gloucestershire)
  5. Ben Cliff (Yorkshire)
  6. Bertie Foreman (Sussex)
  7. Alex Horton (Glamorgan)
  8. Matthew Hurst (Lancashire)
  9. Eddie Jack (Hampshire)
  10. Dominic Kelly (Hampshire)
  11. Ben Parker (Worcestershire)
  12. Harry Singh (Lancashire)
  13. Ross Whitfield (Durham)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...