එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් Ahmed Raza ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු වෙනුවට Chundangapoyil Rizwan 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙට(20) ඕමානයේ දී ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමක මෙම පියවර ගැනීම විශේෂත්වයක්.
සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 21 වැනිදා කුවේට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
Ahmed Raza 20යි 20 නායකත්වයෙන් ඉවත් කළ ද, ඔහු තවදුරටත් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
සීමිත පන්දුවාර කණ්ඩායම් දෙකට වෙන වෙනම නායකයින් දෙදෙනෙකු පත් කිරීමේ අවශ්‍යතාවය මත මෙම පියවර ගත් බවයි එමිරේට්ස් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

