මුරලිගේ හා රංගනගේ ආධිපත්‍යයෙන් යුත් සමාජයට බ්‍රෝඩ් එක් වෙයි

Date:

එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවට් බ්‍රෝඩ් නව කඩඉමක් පසු කිරීමට ඊයේ (18) සමත් වුණා.

ඒ, මේ දිනවල ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ දිනයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකා කණ්ඩායමේ Kyle Verreynne ගේ කඩුල්ල දවා ගනිමින් ඔහු මෙම කඩඉම පසු කරනු ලැබුවා.

ඒ, ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා ලෙස ඉතිහාසගත වෙමින්.

මීට පෙර ඔහුගේම දීර්ඝ කාලීන පන්දු යැවීමේ සගයා වන එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් විසින් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ටෙස්ට් කඩුලු 100 ක් දවා ගෙන තිබුණා.

මෙම දක්ෂතාවයත් සමග එක් ක්‍රීඩාංගනයකදී ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් ක්‍රීඩකයින් සිව්දෙනා අතරට පිවිසීමට ද බ්‍රෝඩ් සමත් වීම විශේෂත්වයක්.

ඇන්ඩර්සන් හා බ්‍රෝඩ් හැරුණු විට එක් ක්‍රීඩාංගනයකදී ටෙස්ට් කඩුලු 100ක් දවා ගැනීමට මීට පෙර සමත්ව තිබුණේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන්නන් දෙදෙනෙකු වන මුත්තයියා මුරලිදරන් හා රංගන හේරත්.

මුරලිදරන් කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී කඩුලු 166 ක්ද, මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී කඩුලු 117 ක් ද, ගාල්ල ක්‍රීඩංගනයේ දී කඩුලු 111 ක් ද දවා ගැනීමට සමත්ව තිබුණා.

රංගන හේරත් ගාලු ක්‍රීඩාංගනයේ දී බිද හෙලා ඇති කඩුලු ගණන 102ක්.

එක් ක්‍රීඩාංගනයකදී ටෙස්ට් කඩුලු 100 ක් දවා ගත් පන්දු යවන්නන් –

  • Muttiah Muralitharan – SSC, Colombo – 166
  • Muttiah Muralitharan – Asgiriya, Kandy – 117
  • James Anderson – Lord’s, London – 117*
  • Muttiah Muralitharan – Galle – 111
  • Rangana Herath – Galle – 102
  • Stuart Broad – Lord’s, London – 100*

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...