ශ්‍රී ලංකා යොවුන් – Young Lions Invitational පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ පැවැති තෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.

‘Young Lions Invitational XI’ කණ්ඩායම සමග මෙම තරගය පැවැත්වුණේ Loughborough හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් පිලේ නායක රවීන් ද සිල්වා පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

අසිත වන්නිනායක ලකුණු 100 ක් රැස් කරමින් ශ්‍රී ලංකා යොවුන් ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ලෙස ‘Young Lions Invitational XI’ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 104 ක් පමණයි.

D Wagstaff ලකුණු 53 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී වනුජ සහන් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. දුලාජ් සමුදිත ලකුණු 27 කට කඩුලු 2 ක් ද, දුවිදු රණතුංග ලකුණු 34 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

අනතුරුව තරගය නිමා වන අවස්ථාව වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිය දෙවැනි ඉනිම සදහා කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 132 ක්.

අභිෂේක් ලියනආරච්චි ලකුණු 51 යි.

මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සිව්දින ටෙස්ට් තරග දෙකකට හා එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිත අතර, එක්දින තරගාවලිය ලබන මස 5 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...