සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (18) නිමා වුණේ තරගයේ වැඩි ගෞරව තවදුරටත් දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 7 ක් දැවී ලකුණු 289 ක් ලබා සිටියා.
නොදැවී පන්දුවට පහර දෙන මාර්කෝ ජන්සෙන් ලකුණු 41 ක් හා කාගිසෝ රබාඩා ලකුණු 3 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 85 ක සබදතාවයක් ගොඩ නැගීමට නායක ඩීන් එල්ගර් හා Sarel Erwee සමත් වුණා.
එල්ගර් ලකුණු 47 කට දැවී ගිය අතර, Erwee ලකුණු 73 ක් රැස් කළා.
කීගන් පීටර්සන් ලකුණු 24කටත්, ඒඩ්න් මාක්‍රම් ලකුණු 16කටත්, රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 19කටත්, Kyle Verreynne ලකුණු 11කටත් දැවී ගියා.
කේෂාව් මහරාජ් රැස් කළ ලකුණු සංඛ්‍යාව 41 ක්. ඔහු හා මාර්කෝ ජන්සෙන් 7 වැනි කඩුල්ල සදහා ලකුණු 72(75) ක සබදතාවයක් ගොඩ නැගීම ද කැපී පෙනුණා.
පන්දු යැවීමේ දී බෙන් ස්ටොක්ස් ලකුණු 53 කට කඩුලු 3ක් දවා ගත් අතර, ජේම්ස් ඇන්ඩර්සන්, ස්ටුවට් බ්‍රෝඩ්, මැතිව් පොට්ස් හා ජැක් ලීච් කඩුල්ල බැගින් දවා ගත්තා.
දිනය ආරම්භ කරන විට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්. ඔවුන්ට අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165 ක් පමණයි.
ඔලී පෝප් ලකුණු 73 ක් ද, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 20 ක් ද, ස්ටුවට් බ්‍රෝඩ් හා ජැක් ලීච් ලකුණු 15 බැගින් ද රැස් කළා.
පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා ලකුණු 52 කට කඩුලු 5 ක් දවා ගත්තා. අන්රිච් නොකියා කඩුලු 3ක් දවා ගත් අතර, මාර්කෝ ජන්සෙන් කඩුලු 2 ක් බිද හෙලුවා.
ඒ අනුව දකුණු අප්‍රිකාව මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 124ක්.
Fast and furious! 🔥
Live clips: https://t.co/2nFwGblL1E
🏴 #ENGvSA 🇿🇦 | #RedforRuth pic.twitter.com/8Z6vtEgPDV
— England Cricket (@englandcricket) August 18, 2022

