පහසු ජයකින් පාකිස්තානය තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

නෙදර්ලන්තය සමග පැවැත්වෙන අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතට අයත් තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ජය තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම අද(18) සමත් වුණා.

මෙම ජයත් සමගින් පාකිස්තානය සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

Rotterdam හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය පන්දුවාර 44.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 186 ක් පමණයි.

Bas de Leede ලකුණු 89 ක් හා Tom Cooper ලකුණු 66 ක් ලබා ගත්තා. Logan van Beek ලකුණු 13යි.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් හා මොහමඩ් නවාස් කඩුලු 3 බැගින් දවා ගත්තා. නසීම් ශාහ් කඩුලු 2 ක් බිද හෙලීමට ද සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 33.4 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක බාබර් අසාම් ලකුණු 57 ක් රැස් කළ අතර, මොහමඩ් රිස්වාන් නොදැවී ලකුණු 69 ක් හා අගා සල්මාන් නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් පාකිස්තානය ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන ගියා.

පන්දු යැවීමේ දී Vivian Kingma කඩුලු 2 ක් ද, Aryan Dutt එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...