පන්දුවාර 7 කට සීමා වූ හඹා යාම ජය ගත් අයර්ලන්තයට තරගාවලියේ ජය හිමි වෙයි

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, වර්ෂාවෙන් බාධා එල්ල වූ 5 වැනි 20යි 20 තරගයෙන් අයර්ලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Belfast හි පැවැති මෙම තරගයෙන් ජය ගනිමින් තරගාවලියේ ජය ද තහවුරු කර ගැනීම සදහා අයර්ලන්තයට පන්දුවාර 7 ක දී ලකුණු 56 ක ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ හිමි වූ අතර, ඔවුන් ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 3 ක් දැවී සිටියදීයි.

පෝල් ස්ටර්ලින්ග් ලකුණු 16 ක් හා Lorcan Tucker ලකුණු 14 ක් රැස් කළා. නායක Andy Balbirnie ලකුණු 9කට දැවී ගිය අතර, Harry Tector නොදැවී ලකුණු 9 ක් ද, George Dockrell නොදැවී ලකුණු 7 ක් ද ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මුජිබ් උර් රහ්මාන් ලකුණු 17කට කඩුලු 2ක් හා රෂීඩ් ඛාන් ලකුණු 17 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ ඉනිම යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ. ඒ අනුවයි අයර්ලන්තයට පන්දුවාර 7කදී ලකුණු 56 ක ජයග්‍රාහී ඉලක්කයක් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලබා දීමට තීරණය කෙරුණේ.

ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් උස්මාන් ඝානි නොදැවී ලකුණු 44 ක් රැස් කළ අතර, අස්මටුල්ලාහ් ඔමර්සායි නොදැවී ලකුණු 15 ක් රැස් කළා. හස්රටුල්ලාහ් සසායි හා නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 10 බැගින් ලබා ගත්තා. ආරම්භක පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 4කටත්, අංක 3 පිතිකරු ඊබ්‍රහීම් සඩ්රාන් ලකුණු 8කටත් දැවී ගිය අතර, නායක මොහමඩ් නබී පළමු පන්දුවෙන්ම දැවී ගියා.

පන්දු යැවීමේ දී Mark Adair ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ජොෂ් ලිට්ල් ලකුණු 14 කට කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...