Watch: මැද ඉන්න ගලවමින් බෙයාර්ස්ටව් දවා ගැනීමට නොකියා යොමු කළ පැ.කි.මී 150 පන්දුව

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(17) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, එංගලන්ත ඉනිමේ 32 වැනි පන්දුවාරය අවසන් වීමත් සමග තරගයට වර්ෂාවෙන් බලපෑම් එල්ල වූ අතර, ඒ අනුව තරගය තාවකාලිකව නතර කිරීමට කටයුතු කෙරුණා.

ඒ වන විට එංගලන්තය කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116 ක්.

ඔලී පෝප් නොදැවී ලකුණු 61 ක් ලබා සිටින අතර, නායක බෙන් ස්ටොක්ස් ලකුණු 20 කට දැවී ගියා.

ඇලේක්ස් ලීස් ලකුණු 5 කටත්, සැක් ක්‍රව්ලි ලකුණු 9කටත්, ජෝ රූට් ලකුණු 8කටත්, බෙන් ෆෝක්ස් ලකුණු 6කටත් දැවී ගියා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු නොලබා සිටියදී දැවී ගියේ අන්රිච් නොකියාගේ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...