අයර්ලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

අයර්ලන්ත ක්‍රිකට් ක්‍රීඩක කෙවින් ඕබ්‍රයන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

සිය ට්විටර් ගිණුමට සටහනක් තබමිනුයි ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ.

මේ වන විට 38 වන වියේ පසුවන ඔහු අයර්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2006 වසරේ දී යි.

එක්දින කඩුලු 114 ක් දවා ගෙන ඇති ඔහු ඉතිහාසගත වී ඇත්තේ අයර්ලන්තය වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු සංඛ්‍යාවක් දවා ගත් පන්දු යවන්නා ලෙසයි.

2011 වසරේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තයට එරෙහිව පන්දු 50 කින් කෙවින් ඕබ්‍රයන් වාර්තා කළ ශතකය තවමත් ලෝක කුසලාන තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක්ව ඇත්තේ.

ඔහු මේ දක්වා අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 3කට, එක්දින තරග 153 කට හා 20යි 20 තරග 110 කට ක්‍රීඩා කර තිබෙනවා.

එහිදී එක්දින ලකුණු 3,619 ක් 20යි 20 ලකුණු 1,973 ක් වාර්තා කර ඇති ඕබ්‍රයන් බිද හෙලා ඇති 20යි 20 කඩුලු ගණන 58 ක්.

අයර්ලන්තය ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී ද සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් වුණා.

පළමු ඉනිමේ දී ලකුණු 40 ක් වාර්තා කළ ඔහු, දෙවැනි ඉනිමේ දී ලකුණු 118 ක් රැස් කරමින් ඉතිහාසගත වුණේ අයර්ලන්තය වෙනුවෙන් මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...