සුන්දර් වෙනුවට ශහ්බාස් පළමු වරට ඉන්දීය ජාතික සංචිතයට කැදවයි

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ශහ්බාස් අහ්මඩ් කැදවා තිබෙනවා.

ඒ , ආබාධයකට ලක් වූ දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් වෙනුවටයි.

ඔහු එංගලන්තයේ පැවැති දේශීය තරගයක දී ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් සිටින අතරතුර දී යි උරහිසක ආබාධයකට ලක්ව තිබුණේ.

ශහ්බාස් අහ්මඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු වන අතර, ඔහු ඉන්දීය සංචිතයට කැදවූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

සංචාරක ඉන්දීය කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය එළඹෙන 18 වැනිදා හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

India’s squad :

KL Rahul (C), Shikhar Dhawan (vice-captain), Ruturaj Gaikwad, Shubman Gill, Deepak Hooda, Rahul Tripathi, Ishan Kishan (wicket-keeper), Sanju Samson (wicket-keeper), Shardul Thakur, Kuldeep Yadav, Axar Patel, Avesh Khan, Prasidh Krishna, Mohd Siraj, Deepak Chahar, Shahbaz Ahmed.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...