රෂීඩ්ගේ තුන් ඉරියව් දක්ෂතා හා නජිබුල්ලාහ්ගේ 50 ඇෆ්ඝනිස්තානයේ බලාපොරොත්තු රැක ගනියි

Date:

රෂීඩ් ඛාන්ගේ තුන් ඉරියව් දක්ෂතා හා නජිබුල්ලාහ් සඩ්රාන් පන්දු 24 කින් රැස් කළ ලකුණු 50 හේතුවෙන් අයර්ලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 27 ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-2 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

Belfast හි පැවැති තරගයට වර්ෂාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 11 කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය නියමිත පන්දුවාර 11 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 132 ක් ලබා ගනිමින්.

හයේ පහර 3ක් හා හතරේ පහර 4 ක් සමග නජිබුල්ලාහ් වාර්තා කළ වේගවත් අර්ධ ශතකයට අමතරව රහ්මනුල්ලාහ් ගුර්බාස් ද පන්දු 13 කින් ලකුණු 24 ක් ලබා ගනිමින් ඉනිමේ මුල්පෙල ශක්තිමත් කළා.

නජිබුල්ලාහ් සමග එක්ව ඇෆ්ඝනිස්තාන ඉනිමට වේගවත් අවසානයක් ගෙන දුන් රෂීඩ් ඛාන් පන්දු 10 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 31 ක්. හයේ පහර 3කින් හා හතරේ පහරකින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

නජිබුල්ලාහ් හා රෂීඩ් ඛාන් 6 වැනි කඩුල්ලට පන්දු 18 කින් ලකුණු 50 ක සබදතාවයක් ගොඩ නැගුවේ ඉනිමේ 5 වැනි කඩුල්ල පන්දුවාර 7.4 ක් අවසානයේ දී ලකුණු 76 ක් තුළ බිද වැටී තිබූ පසුබිමකයි.

පන්දු යැවීමේ දී Gareth Delany පන්දුවාර 3 කදී ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 11 තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණයි.

George Dockrell නොදැවී ලකුණු 41 (27) ක් හා පෝල් ස්ටර්ලින්ග් ලකුණු 20 (9) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් කඩුලු 3ක් දවා ගත් අතර, රෂීඩ් ඛාන් හා නවීන් උල් හක් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...