ආරාධිත 20යි 20 ලීගයේ සම්මානලාභීන් හා හිමිවූ ත්‍යාග මුදල් මෙන්න

Date:

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (15) රාත්‍රියේ අවසන් වුණේ තරගාවලියේ ශූරතාවය කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් SLC Reds කණ්ඩායමට හිමි කර දෙමින්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී SLC Blues කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත් කරමිනුයි ඔවුන් තරගාවලියේ ශූරයින් බවට පත් වුණේ.

තරගාවලියේ ශූරතාවය දිනූ SLC Reds කණ්ඩායමට ශූරතා කුසලානයට අමතරව රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් ද හිමි වුණා.

අනුශූරතාවය දිනූ SLC Blues කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල රුපියල් 750,000 ක්.

පන්දු 45 කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගත් කුසල් මෙන්ඩිස් අවසන් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ අනුව ඔහුට රුපියල් 75,000 ක මූල්‍ය ත්‍යාගයක් ද පිරිනැමුණා.

තරගාවලියේ දක්ෂතම පිතිකරුවාට හිමි සම්මානය හිමි කර ගත්තේ කුසල් මෙන්ඩිස් විසින්. ‍රුපියල් 150,000 ක මූල්‍ය ත්‍යාගයක් ඒ වෙනුවෙන් ඔහුට හිමි වුණා.

ඔහු තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ඉනිම් 4 කදී ලකුණු 206 ක් රැස් කරමින්. ඉනිමක සාමාන්‍ය ලෙස සටහන්ව ඇත්තේ 68.66 ලෙසයි.

තරගාවලියේ ‍දක්ෂතම පන්දු යවන්නා ලෙස ප්‍රවීන් ජයවික්‍රම සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වෙනුවෙන් ඔහුට හිමි වූ මූල්‍ය ත්‍යාගය රුපියල් 150,000 ක්.

ඉනිම් 4 කදී කඩුලු 7 ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර දෙවැනි ස්ථානය හිමි කර ගත්තේ ද ඔහුයි.

ඉනිම් 4 කදී කඩුලු 10 ක් බිද හෙලූ අසිත ප්‍රනාන්දු තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වෙනුවෙන් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය ත්‍යාගයක් ද පිරිනැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...