ආරාධිත 20යි 20 ලීග් ක්‍රිකට් ශූරතාවය SLC Reds කණ්ඩායමට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට SLC Reds කණ්ඩායම අද(15) සමත් වුණා.

ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයේ දී SLC Blues කණ්ඩායම කඩුලු 7 කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ Reds කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Blues කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 136 ක්.

අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තේ පන්දු 30 ක් වැය කරමින්. ඒ, හතරේ පහර 4 ක් ද සමගින්. ලහිරු උදාර ලකුණු 37 ක් ලබා ගත්තා.

නායක ධනංජය ද සිල්වා ලකුණු 25 කටත්, ජනිත් ලියනගේ ලකුණු 12කටත්, සධීර සමරවික්‍රම ලකුණු 10කටත්, ලහිරු සමරකෝන් ලකුණු 6කටත් දැවී ගියා. චාමික කරුණාරත්න ලකුණු 2යි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දුනිත් වෙල්ලාලගේ හා ලහිරු මදුෂංක එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර ගියා.

ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දුන් ලසිත් කෘෘස්පුල්ලේ හා නායක කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට පන්දුවාර 4.5 ක් තුළ ලකුණු 49 ක් වාර්තා කළා.

කෘෘස්පුල්ලේ ලකුණු 25(15)කට දැවී ගිය අතර, භානුක රාජපක්ෂ රැස් කළේ ලකුණු 9ක් පමණයි. කමිදු මෙන්ඩිස් ලකුණු 18 යි.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 45 කින් නොදැවී ලකුණු 56 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත ආරක්ෂිතව රැගෙන ගියා. හයේ පහරක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

වනිදු හසරංග පන්දු 14 කින් නොදැවී ලකුණු 24 ක් ලබා ගත්තා.

තරගාවලියේ ශූරතාවය දිනූ SLC Reds කණ්ඩායමට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් හිමි වූ අතර, අනුශූරතාවය දිනූ SLC Blues කණ්ඩායමට හිමි වූ ත්‍යාග මුදල රුපියල් 750,000 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...