මිල්ස් පන්දු සියයෙන් ඉවතට ; ලෝක කුසලානය ගැන තවමත් අපේක්ෂාවෙන්

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිමාල් මිල්ස්ට මෙවර The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ පාදයක ඇගිල්ලක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වන විට ඔහු සුවය ලබා සිටිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

The Hundred තරගාවලියේ දී Southern Brave කණ්ඩායම නියෝජනය කරන ටිමාල් මිල්ස්ට මෙවර තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ පාදයක ඇගිල්ලක ඇතිව තිබූ ආබාධයක් හේතුවෙන්.

කෙසේ වෙතත්, පසුගිය බදාදා Birmingham Phoenix කණ්ඩායමට එරෙහිව පැවැති තරගය සදහා ඔහු ක්‍රීඩා කළ නමුත්, පසුව ඔහුගේ එම ආබාධය යළි උත්සන්න වී තිබුණා.

ඒ අනුව පසුගිය සිකුරාදා ටිමාල් මිල්ස් ශල්‍යකර්මයකට ද මුහුණ දී තිබූ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...