බින්දුවට දැවී ගිය නිසා රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවෙකු මට පහර දුන්නා : රෝස් ටේලර්

Date:

තමාට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු විසින් 2011 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී පහර දීමක් සිදු කළ බවට නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක රෝස් ටේලර් චෝදනා කරනවා.

ඔහුගේ නවතම ස්වයං චරිතාපදානය ඔස්සේ රෝස් ටේලර් මේ බව අනාවරණය කර තිබෙනවා.

කිංග්ස් XI පංජාබ් කණ්ඩායම සමග පැවැති තරගයකින් පසුව මෙම පහර දීම සිදු වූ බවයි ඔහු සදහන් කර ඇත්තේ.

එම තරගයේ දී තමා ලකුණු නොලබා දැවී ගිය බව රෝස් ටේලර් සිය ග්‍රන්ථයේ සදහන් කර තිබෙනවා.

තරගයෙන් අනතුරුව ක්‍රීඩකයින්, සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් හා කළමණාකාරුවන් හෝටලයේ මත්පැන්හලේ සිටි බවත්, එහිදී තමන් අදාළ සිදුවීමට මුහුණ දුන් බවත් ටේලර් පෙන්වා දෙනවා.

“රොස්, අපි ඔබට බින්දුවක් ලබා ගැනීමට ඩොලර් මිලියනයක් ගෙව්වේ නැහැ” යනුවෙන් එහි සිටි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු පැවසූ බවයි රෝස් ටේලර් සිය චරිතාපදානයේ දක්වා ඇත්තේ.

අනතුරුව තමාට එම හිමිකරු විසින් සිව්වරක් පමණ මුහුණට පහර දීමක් සිදු කළ බව ද ටේලර් සදහන් කර සිටියා.

එම පහරවල් එතරම් සැර පහරවල් නොවුණ ද, වෘත්තීමය ක්‍රීඩා පරිසරයක් තුළ එවැනි සිදුවීම් විය හැකි ද යන්න තමාට සිතා ගැනීමට නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...