Watch : කඩුලු රකින්නාට ඉහළින් ගැසූ මෙන්ඩිස්ගේ සුපිරි පහර

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද(13) රාත්‍රියේ දී ආරම්භ වුණා.

ඒ,  SLC Reds හා SLC Blues කණ්ඩායම් අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ Reds නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Reds ඉනිමේ දී සුපිරි ඉනිම් ද්විත්වයක් ක්‍රීඩා කිරීමට නායක මෙන්ඩිස් හා වනිදු හසරංග සමත් වුණා.

මෙන්ඩිස් පන්දු 60 කින් ලකුණු 86 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින්.

වනිදු හසරංග නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා. ඒ, පන්දු 41 කින් හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

මෙම තරගයේ දී කුසල් මෙන්ඩිස් එල්ල කළ අලංකාර Upper cut පහරක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...