ශකිබ්ට යළි නායකත්වය ; ආසියානු කුසලානයට බංග්ලාදේශ සංචිතය නම් කෙරේ

Date:

එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා බංග්ලාදේශ 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස ශකිබ් අල් හසාන් යළි පත් කර තිබෙනවා.

ඔහු හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසාන් අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි එරට ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ.

මේ අතර, එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බංග්ලාදේශ සංචිතය ද අද(13) ප්‍රකාශයට පත් කෙරුණා.

ලිටෝන් දාස්ට ආබාධයක් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති අතර, 20යි 20 සංචිතයට වෙනස්කම් රැසක් සිදු කිරීමටයි බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මුෂ්ෆිකර් රහීම්, සබීර් රහ්මාන්, එබඩොට් හොසේන් හා මොහමඩ් සයිෆුදීන් යන ක්‍රීඩකයින් යළි 20යි 20 සංචිතයට කැදවා තිබෙනවා.

මුනිම් ශහ්රියර්, නස්මුල් හොසේ්න් හා ශොරිෆුල් ඉස්ලාම් යන ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථානයක් හිමිව නොමැති නමුත්, ආබාධයකට ලක්ව සිටි නුරුල් හසාන් ආසියානු කුසලානය සදහා නම් කිරීමට පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ආබාධය හේතුවෙන් නුරුල් හසාන්ට ආසියානු කුසලාන තරගාවලිය අහිමි වන බවටයි මීට පෙර නිවේදනය කර තිබුණේ.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධ තත්ත්වය සුව අතට පත් වුවහොත් තරගාවලිය සදහා ඔහුව යොදා ගැනීමේ අරමුණින් නුරුල් හසාන්ව සංචිතයට නම් කර තිබෙනවා.

Squad:

Shakib al Hasan (C), Anamul Haq Bijoy, Mushfiqur Rahim, Afif Hossain, Mossaddek Saikat, Mahmudullah Riyad, Sheikh Mahedi, Saifuddin, Hasan Mahmud, Mustafizur Rahman, Nasum Ahmed, Sabbir Rahman, Mehedy Hasan Miraz, Ebadot Hossain, Parvez Hossain Emon, Nurul Hasan Sohan, Taskin Ahmed

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...