ඇෆ්ඝනිස්තානය 20යි 20 පහේ සිය පළමු ජය ලබයි

Date:

අයර්ලන්තය සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 22 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 2-1 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ අයර්ලන්තයයි.

Belfast හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 189 ක් ලබා ගත්තා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 53 ක්, නජිබුල්ලාහ් සඩ්රාන් ලකුණු 42 ක් හා හස්රටුල්ලාහ් සසායි ලකුණු 39 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් ලිට්ල් ලකුණු 29 කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 167 ක් ලබා ගනිමින්.

George Dockrell නොදැවී ලකුණු 58 ක් හා Fionn Hand ලකුණු 36 ක් රැස් කළා. Lorcan Tucker ලකුණු 31 යි.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත් අතර, Fazalhaq Farooqi හා මුජිබ් උර් රහ්මාන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...