දසුන් ශානකත් විදෙස් ලීග් තරගාවලියක ප්‍රධාන ක්‍රීඩකයින් අතරට

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර 20යි 20 ලීගය (International League T20) (ILT20) සදහා ගිවිසුම් ගත වූ තවත් ක්‍රීඩකයින් පිරිසකගේ නම් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය විසින් අද(11) නිවේදනය කළා.

එම ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායක දසුන් ශානක ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඔහු තරගාවලියට ගිවිසුම් අත්සන් කළ ප්‍රධාන ක්‍රීඩකයින් (Marquee Players) අතරට ඇතුළත්.

අද ප්‍රකාශයට පත් කළ සෙසු ප්‍රධාන ක්‍රීඩකයින් වන්නේ Kieron Pollard, Nicholas Pooran, Dwayne Bravo, Ollie Pope හා Fazalhaq Farooqi යන ක්‍රීඩකයින්.

ගිවිසුම් අත්සන් කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ Will Smeed, Rehan Ahmed, Jordan Thompson, Sheldon Cottrell, Andre Fletcher, Tom Kohler-Cadmore, Bas de Leede, Chris Benjamin හා Bilal Khan.

මෙම ලීග් තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කළ ක්‍රීඩකයින් රැසකගේ තොරතුරු මීට පෙර ද ප්‍රකාශයට පත් කළ අතර, ඊට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකු ඇතුළත් වුණා.

ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත තරගාවලියේ පළමු අදියර සදහා එක්වන ප්‍රධාන (Marquee) ක්‍රීඩකයින් අතරට වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂ ද ඇතුළත්.

ඊට අමතරව ලහිරු කුමාර, සීක්කුගේ ප්‍රසන්න, චරිත් අසලංක, ඉසුරු උදාන හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් ද තරගාවලිය සදහා ගිවිසුම්ගත වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...