මුම්බායි ඉන්දියන්ස් සතු නව කණ්ඩායම් දෙකේ නම් නිවේදනය කෙරේ

Date:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය හෙවත් International League T20 තරගාවලිය සදහා හා දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත 20යි 20 ලීගය සදහා තරග කරන Reliance Industries Limited ආයතනය සතු කණ්ඩායම් දෙකේ නම් අද (10) නිවේදනය කෙරුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ද Reliance Industries Limited ආයතනයයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත International League T20 තරගාවලියට එක්වන ඔවුන්ගේ කණ්ඩායම ‘MI Emirates’ ලෙස හැදින්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20යි 20 ලීගයට එක්වන සිය කණ්ඩායම ‘MI Cape Town’ ලෙස හදුන්වන බවයි Reliance Industries Limited ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...