සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.
Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත්තා.
උස්මාන් ඝානි ලකුණු 59 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Barry McCarthy කඩුලු 3 ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 171ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
ඇන්ඩි බල්බර්නි ලකුණු 51 ක් ද, Lorcan Tucker ලකුණු 50 ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉනිම ශක්තිමත් කළා.

