ශ්‍රී ලංකා යොවුන් පිලේ බ්‍රිතාන්‍ය සංචාරයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම මාසයක තරග සංචාරයක් සදහා ලබන 14 වැනිදා බ්‍රිතාන්‍යට ළගා වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(9) තහවුරු කළා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම යොවුන් ටෙස්ට් තරග දෙකකට හා යොවුන් එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

තරග සංචාරය අරඹමින් ලබන 16 වැනිදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ‘Young Lions International XI’ කණ්ඩායමට එරෙහිව තෙදින පුහුණු තරගයකට ද Loughborough හී දී එක්වීමට නියමිතයි.

අනතුරුව පළමු සිව්දින ටෙස්ට් තරගය එළඹෙන 21 වැනිදා එංගලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව Chelmsford ( Essex CCC) හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය Derby හී දී ලබන 28 වැනිදා සිට පැවැත්වෙනවා.

එක්දින තරග තුන ලබන මස 5, 8 හා 10 යන දිනවලදී Worcester හා Leicester හී දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...